1948 සිට වසර 70 කට ආසන්න කාලයක දෙමළ ජනතාව වෙත දේශපාලකයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පටවන ලද ද්‍රවිඩ රාජ්‍යයක අප්පෙක්ශාව මුදුන් පත් කර ගැනීමේ අරගලය එක පිම්මක් පැනීමට 1987 වසරේ ජේ ආර් ජයවර්දන පාලන සමය තුලදී සමත් විය. 1987  ඉන්දු ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව කලප නමයකට කොටස් කොට බලය බෙදාහරින ලද්දේ එවකට සිටි විපක්ශයේත් ජනතාවගේත් දැඩි විරෝධය සතයකටවත් මායිම් නොකරය. සියල්ල හොරරහසේ සිදුකළ එම ගිවිසුම අඩු ගනනේ එයට පක්ශව අත ඉස්සූ රජයේ මැති අමැතින් වත් දැන සිටියේ නැත.  ජේ ආර් ගේ   ඉන්දු ලංකා ගිවිසුමට දැක්වූ විරෝධයේ ප්‍රමුඛයා වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විරෝදය ප්‍රචන්ඩ ස්වරූපයකට හැරුණු අතර රජය සහ ඊට සම්බන්ධ මැර කන්ඩායම් විසින් කෲරතර ලෙස මර්දනය කෙරුනි. ජනතා විමුක්ති පෙරමුණ අවි ගැනීමට  තීරනය කල අතර එම කැරල්ල වසර දෙකක කාලයකදී මර්දනය කරනු ලබන්නේ මනව හිමිකම් සතයකටවත් මායිම් නොකරමිනි.

LTTE සංවිධානය ඉන් සෑහීමට පත් නොවූ අතර දිගින් දිගටම දසදහස් ගනන් අහිංසක ජනතාව ම්ලේජ්ජ ලෙස ගාතනය කරමින් සටන් කල අතර 2005 නොවැම්බර් බලයට පත්වූ  මහින්ද රාජපක්ෂ රජය විසින් මානුශික මෙහෙයුමකින්  පරාජය කරන ලදී. ඉන් පසුබට නොවූ දෙමළ ඩයස්පෝරාව සහ දේශපාලන සංවිධාන ඇමරිකාව සහ ඉන්දියාවේ සහායෙන් 2015 අති සූක්ෂ්ම මෙහෙයුමකින් මහින්ද රජය පෙරලන ලදී. එම මෙහෙයුම සඳහා ඩොලර් තනතුරු වරප්‍රසාද පමනක් නොව ස්ත්‍රී සැප පවා යෙදී ඇති බව දැන් දැන් හෙලි වෙමින් පවතී.

දෙමළ ඩයස්පෝරාව දැන් සැරසෙනුයේ දෙමල රාජ්‍යයක් බිහිකර ගැනීමේ සිහිනයේ  ඊලඟ පිම්ම පැනීමටයි. එනම් කඩිනමින් සහ හොර රහසේ සෑදෙමින් පවතින ව්‍යවස්ටා සංශෝධනයයි. පරිපාලන බලය ඉඩම් බලය පොලිස් බලය අදිකරන බලය සහ මූල්‍ය බලයද කලාප සබා වෙත පවරීමට යන බව පැවසේ. රටේ ඒකීය බාවය ට සහ බෞද්ධ ආගමට ප්‍රමුකස්ටානය ඉවත් කොට පෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමට යන බව පැවසේ. රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලිකමාධ්‍යද මේ පිලිබඳ නිවැරදි තොරතුරු ජනතාවගේත් වසන් කොට නැවත වතාවක් ජනතාවගේ මොල ශෝධනයකට පත්කිරීමට පටන් ගෙන ඇත. සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් වැඩ කල හෙල උරුමයේ හෙලුව හෙලි වීමෙන් ඇතැම් ස්වාමීන්වහන්සේ ලාට සිදුවී ඇත්තේ සැගවී ලබුනු වරප්‍රසාද බුක්ති විදීමට සිදුවී ඇත. 1987 යම්තාක් දුරට සීමිත බලය බෙදීමකට 66000ක  ජන සංහාරයක ට මුල් වූ  විශාල අරගලයක් කල ජනතා විමුක්ති පෙරමුණ 2007  පරිපාලන බලය ඉඩම් බලය පොලිස් බලය අදිකරන බලය සහ මූල්‍ය බලයද ඇතුලු සියල්ල දැන  ක්‍රියවලියේදී නිහඬ ව සිටිනු  පෙනේ. එය සමාන කල හැක්කේ තම දියණිය සමග යාලු වීමට පැමිනෙන කොල්ලා මරා දැමීමට යන පියකු පසු දිනක ඇය දූශනය කිරීමට පැමිනෙන වෙනත්  සාහසිකයකු දෙස හිනා වෙවී බලා සිටින අවස්ථාවකටය.

හම්බන්තොට රැකියා ස්ථිර කරදෙන ලෙස බලකල උද්ගෝසනයට නාවුක හමුදාව ලවා පහර දෙනවිට ජනතා විමුක්ති පෙරමුණ විපක්ශයේ ප්‍රධාන සංවිධායක ට ප්‍රශ්නයක් නැත. බොර තෙල් බැරලයක මිල ඩොලර් 85 කාලයේ රුපියල් 100ට පෙට්‍රල් ලීටරය ඉල්ලා මැරෙන්න හැදූ ජවිපෙ ට බොර තෙල් බැරලයක මිල ඩොලර් 85 කාලයේ පෙට්‍රල් ලීටරය රුපියල් 117ට දුන්නාට ප්‍රශ්නයක් නැත. හම්බන්තොට ලුනු ලේවය විකුනද්දී ,  වරාය චීන්නුන්ට විකුනද්දී ප්‍රශ්නයක් නැත.මහින්ද රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පදු කරානම් ඔවුන්ගේ කෑගැසීම ගැන සිතා ගත හැකිය. මේ සියල්ලෙන් පෙනෙනුයේ ඔවුන් කොපමන ඩීල් එකක සිටිනවාද යන්න මිස වෙනකක් නොවේ.ජනවාරි 08 මේ රටේ ඇතිවුනායැයි කියන කුපුකට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය තුළ ජනතා විමුක්ති පෙරමුණ විකිනී ගිය බව මොනවට රටට  ලෝකයට පෙන්වා දෙමිනි.

කෙසේවුවද අවසාන වශයෙන් කිව යුතු වන්නේ ඒකාබද්ධ විපක්ෂයවත් මූලිකත්වය ගෙන ව්‍යවස්ටාව තිබිරි ගෙයිම අවසන් කරවීමට රජයට ජනතාව හරහා දැඩි බලපෑම් කරවීමට ක්‍රියාකලයුතු බවයි. ජනතාවට  ඇත්ත වටහා දීමේ වැඩපිලිවෙලක් සහ නිසි නායකත්වයක් ලබා දීම තුලින් ජනතාවගේ ඇස් වසා ව්‍යවස්ටාව සම්මත කරගැනීම වලකා ගත හැක.

LEAVE A REPLY