බොදුබල සේනාව රජයේ බලල් අතක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවාද ?උන්වහන්සේ පිලිබඳ තරමක් දුරට දන්නා මට කිව හැක්කේ එසේ විය නොහැකි බවයි . නමුත් උන්වහන්සේ එම කාරනය සඳහා උපක්‍රමශීලී ලෙස රජය මගින් යොදා ගන්නවාදැයි නම් කිව නොහැක. ජාතික ව්‍යාපාරයත් දේශපාලනයත් පටලවා ගත යුතු නැත . නමුත් ජාතික ව්‍යාපාරය ගෙන යන ආකාරය ජාතියේ පවැත්මට අවසාන වශයෙන් බලපාන්නේ කෙසේද යන්න ඉතා වැදගත් ය . . ගලබඩ අත්තේ ග්නානසාර හාමුදුරුවෝ ඇත්තටම රට ජාතියට ආදරය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. නමුත් උන්වහන්සේ විවිද අවස්ථාව වලදී ගත් තීරන යතාර්තවාදී නොවන දුරදක්නා බවකින් තොර ඒවා බව ඉතිහාසය දිහා සැලකිල්ලෙන් බලද්දී වැටහේ. සමහර අවස්ථාවලදී උන්වහන්සේ විවිද කූට දේශපාලනයන් මගින් ප්‍රයෝජනයට ගත් බව පැහැදිලිව පෙනේ.
2014 ට පෙර බොදුබල සේනා සංවිධානයට විශාල ජන බලයක් සහ  සහබ්හාගීත්වයක් තිබුනි . හැබැයි 2014 ගලබොඩාත්තේ ස්වාමීන්වහන්සේ මහින්ද රාජපක්ශ මහතාට සහයෝගය දීමට ගත් තීරනයත් සමගම එම පිරිස උන්වහන්සේගෙන් සම්පූර්ණයෙන් ඈත් විය. ඒ අයට අවශ්‍ය වූයේ උන්වහන්සේ මයිත්‍රී පල මහතාට සහයෝගය පලකරවීමයි .  ඉන් පැහැදිලි වනුයේ උන්වහන්සේ සමග සිටි බොහෝ පිරිස් තම පටු දේශපාලන උවමනාවන් සඳහා උන්වහන්සේ පාවිච්චි කල පිරිස් වීමයි. 2014 උන්වහන්සේ විසින් මහින්ද රාජපක්ශ මහතාට සහය පල කිරීම පිනිස හයිඩ් පිටියේ රැලිය ට සහභාගි උනේ 20 කටත් අඩු සංක්‍යාවකි. කෙසේවුවද මේ වන විට එම සංවිධානය ජාලයට  සලකිය යුතු ජන සහයෝගයක් ලැබෙන බව පෙනේ. නමුත් එම පිරිස 2014 සිටි පිරිස නොවේ . මා දන්නා බොහෝ දෙනෙක් මහින්ද රාජපක්ශ මහතාට සහයෝගය දක්වන්න න් වේ. 
නව රජය පැමිනීමෙන් පසුව සිදු කරනලද ආන්ඩු කාරවරුන් වෙනස් කොට උතුර නැගෙනහිර කඳවුරු ඉවත් කිරීමේ සිට රට බෙදන ව්‍යවස්ටාව දක්වා කටයුතු වල්දී රටේ ජනතාව තුල රට දැයෙහි ආරක්ශාව පිලිබඳ තැතිගන්මක් සහ සැකයක් ඇතිවිය.එම අනාරක්ශිත බාවය පිලිබඳ හැඟීමත් සමගම ජනතාව  තුල ආරක්ශාව තකා සංවිධානය වීමේ අවශ්‍යතාවයක් මතුවීම ස්වාභාවිකය. එම තත්ත්වයට නායකත්වය ලබාදීමට තරම් ඒකාබද්ධ විපක්ෂය කාර්යික්ශම වූයේ නැත .මාසයකට වරක් සංවිධානයකරන ලද රැලියකට හෝ කුඩා රැස්වීම් කීපයක ට සීමා වූ ඒකාබද්ධ විපක්ෂය වර්තමාන අකාර්යක්ෂම දුර්වල පරගැති රජයට එරෙහිව කිසිදු ජනතාවට දැනෙන යමක් කිරීමට අසමත් විය. රජයට එරෙහිව ජනතා මනස ජය ගැනීමට දසදහසක් හේතු තිබුනද එකකින්වත් පලදායී ප්‍රයෝජනයක් ගත් බවක් නොපෙනුනි . මෙය පවසන්නේ දැන්වත් ඔවුන් අවදි වේ යැයි බලාපොරොත්තුවෙනි. කෙසේවුවද අවසාන ප්‍රතිඵලය වූයේ තැනින් තැන සිංහලේ මහසෝන් බලකාය රාවනා බලකාය විජයබා බලකාය යනාදී වශයෙන් විවිධ ආකාරයේ සංවිධාන බිහිවීමයි. මේ සියලු සංවිධා හුදෙක් හැඟීම් මත පදනම්ව ගොඩනැගුණු සංවිදාන වන අතර කාලීන සහ විද්‍යාත්මක පදනමක් මත බිහිකළ ඒවා නොවේ . විශේශත්වය වනුයේ මෙම සංවිදාන වල වැඩිපුරම සිටිනුයේ මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දුන් පිරිස් වීමයි. මාතුවන අනෙක් ප්‍රශ්නය නම් එම සංවිධාන වල දැඩි මහින්ද විරෝදීන් පිරිසක්ද සිටීමයි.එමෙන්ම එම ටික දෙනා වත්මන් රජය උඩ පැන පැන කරන්නාවූ රට ජාතිය පාවාදීම් වලදී දක්වන උදාසීන පිලිවෙතයි. ඉන් වැටහෙන්නේ කුමක්ද? මෙම ජාතික සංවිදාන තුලට සූක්ශ්‍යම ලෙස 2014 ට පෙර බොදු බලසේනාව රනිල් රජ කරවීමට පාවිච්චි කල පිරිස ඇතුලුවී ඇති බවයි.
මෙම තත්වය තුලින් වත්මන් රජයට වාසි තුනක් දැනටමත් අත් වී ඇත. එනම් රට බෙදන ව්‍යවස්ටාව පිලිබඳ ජනතාවගේ අවදානය වෙන අතකට යොමු කිරීම , සිංහල බෞද්ධ බලවේගය අතර අවිශ්වාසයක් ගොඩනගා ඔවුන් මරා ගන්නා තත්ත්වයට පත් කිරීම , මහින්දවාදීන් පිරිසක් මහින්දට එරෙහිව කතා කරවන තත්වයට පත් කරවීම.
ඇත්තටම එම සංවිදාන මතුකරන කරුනු බොහෝමයක් ඇත්තය.නායකයන්ගේ අමනෝග්න බව නිසා ඇත්තටම සිංහල ජාතියට පවැත්ම පිලිබඳ ප්‍රශ්න පැන නැගී ඇත.
උදාහරණයක් ගනිමු . ඉඩමක තේ සහ ඉලුක් දෙකම වර්දනය වීමට ඉඩ හැරියා යැයි සිතමු . වැඩි කලක් නොගොස් එම ඉඩම ඉලුක් වලින් ගහන වූ ඉඩමක් බවට පත්වනු ඇත. මෙහි ව්ද්යාත්මක පැහැදිලි කිරීම වන්නේ අඩු ආක්රමණ ශීලී ජීවීන් විශේෂයක් වැඩි ආක්රමන ශීලී ජීවීන් විශේෂයක් සමඟ එකට ජීවත්වීමේදී වැඩි ආක්රමණ ශීලී ජීවීන් විසින් අඩු ආක්රමණ ශීලී ජීවීන් පරදා එම පරිසර පද්ධතිය අත්පත් කරගනු ලැබීමයි .
ද්රවිඩ සහ මුස්ලිම් ජාතිකත්වයන්ට සාපේක්ශව සිංහල ජාතිකත්වය ජනගහනයෙන් වර්දනය මෙන්ම ආර්ථික සහ හූමිය ආරක්ශා කරගැනීමේදී සිටිනුයේ ඉතා අඩු ආක්රමණ ශීලී ශක්තියකිනි. මෙයට හේතුව වනුයේ බෞද්ධ ආගම සහ සිංහල සංස්කෘතිය එම ජනතාවගේ ජීවන මග සමග දැඩි ලෙස සම්බන්ධ නොවීම සහ බෞද්ධ දර්ශනය වඩ විවුර්ත මනසක් ඇති ජනතාවක් ඇතිකරවීම විය හැක .
ඇත්තටම පසුගිය වසර 20 තුල සිංහල ජාතියට සහ පවැත්දැමට ඩි ලෙස තර්ජන ඇතිවෙලා සහ වෙමින් පවතිනවා . හැබැයි ඊට පෙරත් එයම සිදුවී තිබේ . ද්‍රවිඩ ජනතාව දහස් ගනනින් ඉන්දියාවේ සිට සංක්‍රමණය විය . බ්‍රිතාන්‍යයීය පාලන සමයේ කඳුකර ද්‍රවිඩ ජනතාව දහස් ගනනින් ලංකාවට ගෙන එන ලදී . නමුත් මුස්ලිම් ජනතාව එසේ පැමිනි බවක් වාර්තා නොවේ . වෙලෙන්දන් ලෙස පැමිණි ඔවුන් අපගේ සිංහල කාන්තාවෝ සරන පාවා ගෙන මුස්ලිම් ජනවාස ඇති කලහ. වසර සීයකට පෙර සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් ලංකාවේ සිටියේ නැත. නමුත් වසර සීයක් වැනි කෙටි කාලයකදී ලක්ශ 25 කට ආසන්න මුස්ලිම් ජනගහන වර්දනයක් සිදු වී ඇත. වසර දෙදාහක් තුල සිංහල ජනගහනය ලක්ශ 130 කට සීමා වී ඇත . මෙයින් පැහැදිලි වන්නේ මුස්ලිම් සමාජය කෙතරම් ආක්‍රමණයශීලී ජීවී විශේෂයක් වන්නේද යන්නයි..අනෙත් අතට ගත් කල හේතුව වන්නේ  සිංහලයාගෙම තියන දුර්වල කම් සහ ජාතිද්රෝහී බව සහ පරගැති කම විය හැකිය. ඇත්තටම ලංකාවේ සියලු ආර්ථික මද්‍යස්ටාන බ්හූමිය සහ සමාජීය වටපිටාව  සුලු ජාතීන් විසින් අත් පත් කර ගනිමින් සිටී.
හැබැයි මේක ඊයෙ පෙරේදා සිට සිදුවන්නක් නොවේ. මා කලින් සඳහාත් කල උදාහරණයේ ආකාරයෙන් තේ වත්තක තේ උගුල්ලා ඉලුක් මර්දනය කරන්නා සේ ජාතිකත්ව අතර ප්‍රශ්න විසඳා ගත නොහැක . එයට අවශ්‍ය වනුයේ විද්‍යාත්මක සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළකි . සිංහලයන් ජාතියක් ලෙස මෙම තත්වය තේරුම් ගැනීම සහ ගැන්වීම ප්‍රදානම කාරනයයි.හැගීම් වලට පමනක් යටත්ව කරන්නා වූ කිසිදු දෙයක් 20 වන සියවසේ සාර්ථකත්වය ලබා නැත . අතීතයේ සිට පවත්වන්නාවූ ප්‍රශ්න වල අතුරු විපාක වලට එරෙහිව අප හර්තාල් කරන අතරතුරේ අරලියගහ මන්දිරයේ මුලු රටම ජාතියම බුද්දාගමම ගෙඩි පිටින් සුලුජාතික දේශපාලුවන්ට අන්තවාදීන්ට ඔප්පු තිරප්පු වලින් පාවාදීමේ කුමන්ත්‍රණය සිදුවෙමින් පවතී . ecta ගිවිසුම මගින් ලංකාවේ අනන්‍යතාව සම්පූර්ණයෙන් ඉන්දියාවට පාවා දීමේ වැඩපිළිවෙළ දියත් වෙමින් පවතී මේ අවස්ටාවේ තිබෙන හදිසි අවශ්යතාව ඊට එරෙහිව .කල හැකි සියලු දේ කිරීමයි. බොදු බල සේනාවට සහ අනෙකුත් සංවිධාන වලට මෙය තේරෙන්නෙ නැත්තේ ඇයි ? ඔවුන් කරන්නේ සුනාමියක් එනවා දැන දැන අල්ලපු ගෙදර මිනිසුන් සමග වැ ටකට මරාගන්නවා වැඩක් ..(සැ.යු. අල්ලපුගෙදරමිනිස්සු සුනාමියට හසුවන්නේ නැත සිදුවන්නේ අප ගසා ගිය පසු අපගේ ඉඩම පිටින් ඔවුන් අත්පත් කරගැනීමයි ..)
1983 වසරේ ඉන්වදු ලංකා ගිවිසුම සැකසුනේද රහසිනි . එකල විපක්ෂය ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ජනතාවට දැනෙන යමක් කිරීමට අසමත් විය. ප්‍රතිඵලය වූයේ 66000ක් සිංහල තරුනයන් එකල රජය මගින් ගාතනයට ලක්වීමයි . වර්තමාන විපක්ෂයද මේ වනවිට සිටිනුයේ නිද්‍රාශීලීවය . ඉදහිට නින්දෙන් අවදි වී ප්‍රකාශයක් පමනක් සිදුකරයි .දැන්වත් ඔවුන් අවදිවිය යුතු කාලය පැමින තිබේ. ඒ සඳහා සහයෝගය දීමටත් ඒ වෙනුවෙන් එක් රොක් වීමටත් ජනතාව ඉතා කැමත්තෙන් සිටින බව පෙනේ . ඉඩම් පොලිස් අදිකරන බලතල ලබාදීම යනු දහස් ගනන් රනවිරුවන් දිවි පුදා රැකගත් මේ දේශය ඇස් පනාපිට පාවාදීමකි . ඉන් එහාට ගොස් පෙඩරල් රටක් කිරීමේ ඉතා දැඩි අවදානමක් ඇති බව පසුගිය දිනෙක විදේශ ඇමතිවරයා කරන ලද ප්‍රකාශයකින් සැලවුනි .මෙය ඉන්දු ලංකා ගිවිසුම හෝ සුනාමි සහන මන්ඩලයට සමාන කල නොහැක . රට දෙකට බෙදා වෙන් කිරීමටත් පසුකලෙක සිංහල ජාතිය මේ රටේ සුලු ජාතිය බවට පත් කිරීමේ ආරම්බය නොව ප්‍රථම පිම්ම මෙය වනු ඇත . අවාසනාවට ඉන්දු ලංකා ගිවිසුම හෝ සුනාමි සහන මන්ඩලයට තිබුන තරමේ විරෝධතාවක්වත් මෙම රට බෙදන ව්‍යවස්ටාවට නොමැතිකමයි . ඒකාබද්ද විපක්ෂය දැන්ම ක්‍රියාකාරී නොවන්නේ නම් බොදුබල සේනා වැනි අවිද්‍යාත්මක සංවිධාන වෙත ජනතාව යොමිවී ම වැලක්විය නොහැක .. බොදුබලසේනා වැඩපිළිවෙළ මගින් සිංහල බෞද්ධ ජනතා අවදානය වෙන අතකට යොමු කර ව්‍යවස්ටාව රහසිගතව ගෙන ඒම රජයේ වැඩ පිලිවෙලක් විය හැක . එමෙන්ම ඒකාබද්ද විපක්ෂය එසේ නොකර එම සංවිදාන සමග ගැටුමකට යාමද රජයේ අවශ්‍යතාවයයි . බොදු බල සේනා වැඩපිලිවෙල දෙපැත්ත කැපෙන කඩුවක් වන්නේ එම නිසාය . හැබයි විසඳුම සරලය එනම් ඒකාබද්ධ විපක්ෂය මනා ලෙස ක්‍රියාකාරී සැලස්මකට අවතීර්න වීමයි.
පුබුදු ……..විවාදයට විවුර්තයි
(ඕනෑම මාතෘකාවක් අලලා ඔබගේ ලිපි ඔබගේ නමින් අප pijnewslk web site ekee පලකිරීමට කැමතියි ……pubudhu@pijnewslk.com )

LEAVE A REPLY